ඉතිහාසයේ ප්‍රථමවතාවට මිනිසාව බුද්ධි පරික්ෂණයෙන් දෙවනි තැන තබන්නට පරිගණකය සමත්ව තිබෙනවා. ඒ විවිධ තේරුම් සහිත වචන
තේරුම් ගත හැකි ලෙස ප්‍රොගෑම් කල පරිගණකයක් මගින් මිනිසා පරාජයට පත් කිරීම නිසයි. අතිතයේ සිටම මිනිසා බුද්ධි පරික්ෂනයට ඉතා
ඉහල වැදගත්කමක් ලබා දී තිබු අතර පරිගණකය සැලකිමේදී එයට අඩු වටිනාකමක් ලබා දී තිබුනි.විශේෂයෙන්ම තරග විභාග වලදී
බුද්ධි පරික්ෂණ මගින් අපේක්ෂකයන්ගේ හැකියාව මැන බැලුනේද එය කෙනෙකුගේ තාර්කික හැකියාව වැනි ලක්ෂණ පිළිබිඹු
කෙරෙන නිසාය. මෙම සුවිශේෂිත, විවිධ අරුත් සහිත වචන වල තේරුම හඳුනාගත හැකි ලෙස ප්‍රොගෑම් කලහැකි පරිගණකය හඳුන්වා දී
තිබුනේ මයික්‍රොසොෆ්ට් හා චිනයේ විද්‍යා හා කාක්ෂණික විශ්ව විද්‍යලයේ පර්යේෂක කණ්ඩායමක් විසිනුයි.
ඔවුන් විසින් නිර්මාණය කරන ලද මෙම සුවිශේෂි කෘත්‍රිම බුද්ධිය මිනිසුන් සමග පැවැත්වු බුද්ධි පරික්ෂණයෙන් ඔවුන් බලාපොරොත්තු වුවාට
වඩා සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට සමත්ව ඇත. එම පරික්ෂණයේ අන්තර්ගත වු කරුණු පහතින් දැක්වේ.
• රූපමය රටාවන් ඇතුලත් තාර්කික ගැටළු
• ඉලක්කම් වල රටා සහිත ගණිතමය ගැටළු
• විවිධ අරුත් සහිත වචන, වාචික හේතු දැක්වීම් සහිත ගැටළු
මෙම පරික්ෂණයකදී වාචික හේතු දැක්වීම වලට අදාලව දුන් ගැටළු 200කින් පරිගණක ලබාදුන් පිලිතුරුද මිනිසා අභිබවා යාමට හැකිබව
අනාවරණය විය. අතිතයේදි පරිගණක විද්‍යාඥයින් විසින් පරිගණක ප්‍රොගෑම් කිරීම සදහා ඩේටා මයිනිග් තාක්ෂණය යොදා ගෙන රටා
හඳුනාගත හැකි සේම ඒවා අතර සම්බන්ධය විශ්ලේෂනය කිරීමට සමත් පරිගණක නිර්මාණය කරන ලදි.නමුත් මෙමගින් එක වචනයකට
එක තේරුමක් පමණක් ඇති ලෙස හඳුනා ගැනිම සිදුවිය. මෙම වාචික හේතු දැක්විමේදි පරිගණක වලට වචනයක අරුත් කිහිපයක් හඳුනා
ගැනීම අතීතයේ පටන්ම අසීරු කටයුත්තක්ව තිබුනි.
මේ නිසා පර්යේෂකයන් දැනට පවතින තාක්ෂණයන්ගෙන් එහා යමක් සිතන්නට විය.ඔවුන් දැනට පවතින තාක්ෂණයෙන් එහා ගිය වඩාත්
කාර්යක්ෂම වු ආකෘතියක් නිර්මාණය කිරිමට සමත් විය.එය කොටස් 3කින් සමන්විත වේ. පලමු වන කොටසින් පරිගණකයට මෙම
වචන පිලිබඳ වන ප්‍රශ්න හඳුනා ගැනීමට සලස්වයි.
දෙවැන්නෙන් මෙහි ඇති වැදගත්ම කාර්යභාරය වන වචනයකට සමාන අරුත් දෙන ශබ්ද කෝෂයේ ඇති වචන හා සැසදීම සිදු කරයි.
තෙවැන්නෙන් ලබා දෙන වචනයට අදාලව දෙන ලද වචන හා සැසදීමෙන් නිවැරදී වචනය තේරීමේ හැකියාව ලැබේ. මේ තාක්ෂණය ආශ්රයෙන්
පර්යේෂකයන් වචන වල අරුත තේරුම්ගත හැකි පරිගණකයක් නිර්මාණය කරන ලදි. මෙය ඇරඹුමක් පමණක් වන අතර එය ඉතා සාර්ථක
ගමනක පෙරනිමිත්තක් වනු ඇත.
Post a Comment