0

වෙබ් අඩවි වල විශ්මිත දෑ පිලිබඳ දැන ගැනිමට අප තුල ඇති නොසිදෙන පිපාසය සන්සිදු වීමට මුහුණු පොත මගින් හඳුන්වා දුන් නව
ක්‍රමවේදයකින් සමත්ව තිබෙනවා. ක්ෂණික ලිපි මගින් සමාජ වෙබ් අඩවි මත කෙලින්ම ප්‍රකාශයට පත් කල හැකි ටුලයක් ලබා දී තිබේ.එමගින්
නැවුම් තොරතුරු එසැනින් ලබා දේ.

ෆේස්බුක් මගින් පෙන්නුම් කෙරෙන පරිදි  වෙබ් අඩවි වල ලින්ක්ස් මෙම ලිපි මගින් ෂෙයාර් කිරීම  සිදුවේ. මොබයිල් ඩිවයිස් එක මත ක්ලික් කල
විට මේවා ෆේස්බුක්හි මොබයිල් ඇප් මගින්  ලෝඩ්වීම සිදුවේ.මෙම ලින්ක් වෙත යාම සදහා තත්පර 8ක් පමණ ගතවේ.

ෆේස්බුක් ඇප් එකේ ඡයාරූප සහ විඩියෝ පෙන්නුම් කිරීම සදහා භාවිතා වන තාක්ෂණයම භාවිතා කිරිමෙන්ම මෙම ක්ෂණික ලිපි හොස්ට්
කිරීමට  වඩා 10 ගුණයක් වේගවත් වීම සිදු වේ.මීට අමතරව වෙනත් අංගද මේ සදහා යොදාගෙන තිබෙන අතර ඒ අතර අන්තර් ක්‍රියාකාරී
සිතියම් හෙවත් ඉන්ටර්රැක්ටිව් මැප්ස්, වීඩියෝ ඔටෝ ප්ලේවීමේ හැකියාවද සහිතයි. ඇත්තෙන්ම ෆේස් බුක් මේ සැමදෙයකින්ම වාසි ලබන්නේ
පුළුල් අන්තර්ගතයක් සහිතව වෙළද දැන්වීම් සහ වැඩි පරිශිලකයන් ප්‍රමාණයක් මෙම වෙබ් අඩවියේ රදවා එම අන්තර්ගතය නැරඹීමට
සැලැස්විමෙනි. මෙසේ බාහිරින් තොරතුරු මෙසේ ප්‍රවේශනය කිරීමෙන් ප්‍රවෘත්ති ප්‍රකාශයන්ට වාසියක් සිදුවන බවට කෙනෙකුට තර්ක
කිරීමේ හැකියාව ඇත.

ෆේස්බුක් මේ පිලිබදව සදහන් කරන්නේ ක්ෂණික ලිපි ක්‍රියාකාරීත්වය මගින් ප්‍රකාශකයන්ට ඔවුන්ගේ කථාව ගොඩනැගී ය හැකි බවත් එසේම
මුල්‍යමය වාසිද අත්වන බවත්ය. ප්‍රකාශකයන්ට සෘජුව ඔවුන්ගේ ලිපි සදහා වෙලද දැන්වීම් මගින්ද ලාභ ඉපයිමද සිදු කල හැකිය. එසේම ඉතිරි
නොවිකුණුන ඉඩ සදහා අවශ්‍යනම් ඔවුනට ෆේස්බුක්  වෙලද දැන්වීම්ද, ඔවුන්ගේම විශ්ලේෂණාත්මක ඇප්ද  යොදා ගත හැකිය. කිවයුතු කාරණය
නම් ප්‍රථම දැක්මෙන්ම මෙම ලිපි සිත් ඇදගන්නා සුළු විය යුතුය. ඔටෝ  ප්ලේ වන විඩීයෝ සහ පින්තුර ලිපි වලට සජිවි බවක් ලබා දෙයි. එසේම
අන්තර් ක්‍රියාකාරී සිතියම් සූම් කිරීමේ හැකියාවක්ද සහිත නිසා ඡායාරූප ලබාගත් ස්ථානය පිලිබදවත් අවබෝධයක් ලබාගත හැකිය.

ෆේස්බුක් මගින් ක්ෂණික ලිපි මගින් වේගවත්, අන්තර් ක්‍රියාකාරී සහ සිත් ඇදගන්නා තොරතුරු මහජනතාවට ලබා දීමට ප්‍රකාශකයන්ට හැකියාව
ලැබෙයි. එමගින් ලබා දෙන අනපේක්ෂිත තොරතුරු ප්‍රකාශකයන් උනන්දු කිරිමට සමත් වන අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් සදහා පිටුවහලක්
ලැබයි. නමුත් බොහෝ ප්‍රකාශකයන්  ඔවුන්ගේ ව්‍යපාරික තොරතුරු මුහුණු පොත හරහා අනාවරණය වීම පිලිබද සුපරික්ෂාකාරී වනු ඇත.
ෆේස්බුක් තම ප්‍රථම ක්ෂණික ලිපි එලි දැක්වීම අයිෆෝන් හරහා සිදු කිරිමට අපේක්ෂා කරන අතර ද නිවියෝක් ටයිම්ස්, බස්ෆිඩ්, නැෂනල්
ජියෝග්‍රැෆික්, එන්බීසී සහ ද අට්ලාන්ටික් ප්‍රවෘත්ති සපයයි.

Post a Comment

 
Top