0
අපි එදිනෙදා ජිවිතයේ කොතෙකුත් පිඩිඑෆ් ලිපි භාවිත කර ඇතත් ඒවා ආශ්‍රිතව සිදුකරන වෙනස්කම් පිලිබදව ඇත්තේ අල්ප දැනුමක්.මෙම ලිපියෙහි
අරමුණ ඔබව ඒ පිලිබදව දැනුවත් කිරීමයි.මෙහි දැක්වෙන්නේ පිඩිඑෆ් ලිපි ලිපිගොනු කොටස් කිරීම,එකතු කිරීම,පිලිවෙලට සකස් කිරීම,සලකුණු
කිරිම සහ අත්සන් කිරීම මෘදුකාංග භාවිතයෙන් සිදුකරන ආකාරයයි. ඔබගේ පරිගණකයේ ඇඩෝබ් ඇක්‍රොබාට් මුදල් ගෙවු අනුවාදයක් ඇත්නම්
එමගින් මෙය සිදුකල හැකිය.වෙබ් පදනම් වු මෘදුකාංග ටුලයන් භාවිතයෙන් වැලකීමට සැලකිලිමත් වන්න. එසේම ඔබගේ වැදගත්,පෞද්ගලික,
මුල්‍යමය සහ ව්‍යපාරික දත්ත සහිත පිඩිඑෆ් ලිපි උඩුගත කිරීමෙන්(upload) වලකින්න.


පිඩිඑෆ් ලිපි ලිපිගොනු කොටස් කිරීම



ඔබට සමහරවිට පිඩිඑෆ් ලිපි ලිපි ගොනුවක් කොටස් කිරීම කිරිමට අවශ්‍යවන්නට පුළුවන්, එයින් පිටු කිහිපයක් ලබාගෙන ඒවායින් නව පිඩිඑෆ් ලිපි
ලිපියක් සැදීමට උවමනා විය හැකිය.පිඩිඑෆ් ලිපි කොටස් කිරීම සහ එකතු කිරීම පහත සදහන් ටුලය මගින් මෙය සිදුකල හැකි අතර මෙය ඔබේ
පරිගණකයේ ඇති මෘදුකාංගයක් මගින්ද සිදුකල හැකිය.

මේ සදහා ඔබට අවශ්‍යවන්නේ පිඩිඑෆ් ලිපි නැරඹීමට සහ පිඩිඑෆ් ලිපි ප්‍රින්ට් කිරීම සදහා අවශ්‍ය මෘදුකාංගයයි.මෙය ඇඩොබි ඇක්රෝබැට් රීඩර්
යෙදුම සහ තුන්වන පාර්ශවයේ(third-party) පිඩිඑෆ් ලිපි ප්‍රින්ටරයක් වන කියුට්පිඩිඑෆ් ලිපි රයිටරයයි.(writer).මෙම යෙදුම්
ස්ථාපනය(install) කිරිමේදි දැනගත යුතු වැදගත් කාරණය නම් මෙම යෙදුම් කරදරකාරී ආස්ක් ටූල්බාරයේ සහ වෙනත් වයිරස්
මගින් ස්ථාපනයට ඔබව උනන්දු කරන අතර එමනිසා එවන් කරදරකාරී දෑ වලින් කියුට්පිඩිඑෆ් ලිපි රයිටර් ස්ථාපනය නොකිරීමට ප්‍රවේසම්
විය යුතුය. ඔබගේ පරිගණකයේ ගුගල් ක්‍රොම් ස්ථාපනය(install) කර ඇත්නම් එමගින් පහසුවෙන්ම මෙය සිදු කල හැකිය.ගුගල්
ක්‍රෝම්හි ඒකාබද්ධිත පිඩිඑෆ් ලිපි දර්ශනය හෙවත් ඉන්ට්‍රිග්‍රෙටට් පිඩිඑෆ් විවර් සහ ප්‍රින්ට් කිරිම සදහා අවශ්‍ය සංඝටක වලින් යුක්තයි.ක්‍රොම්
බ්‍රව්සරයෙන් පිඩිඑෆ් ලිපි ලිපිය විවෘත කිරිම සදහා එය බ්‍රව්සරය මතට ඇද දැමීම ප්‍රමාණවත් වේ.මේ සදහා මෙනු බටන් එක ක්ලික් කර
ප්‍රින්ට් කිරිම සිදු කරන්න.”ඩෙස්ටිනේෂන්”(Destination) යටතේ ඇති චෙන්ජ්(change) බට්න් එක සහ පිඩිඑෆ් ලිපි එකක්
ලෙස සේව්කරගන්න.


පිටු(pages) යටතේ ඔබට එක්ස්ට්‍රැක්ට්(extract) කිරීම සදහා අවශ්‍ය පිටු පරාසය ලබා දිය හැකිය.උදාහරණයකට 1-5 දක්වා එක්ස්ට්‍රැක්ට්
කිරිමට 1-5ද  1-3,6,9 එක්ස්ට්‍රැක්ට් කිරිමට 1-3,6 සහ 9 ඇතුලත් කල යුතුය.වැඩිපුර පිඩිඑෆ් ලිපි ලිපි කොටස් කිරීම සදහා මෙම ක්‍රියාවලිය
නැවත නැවත සිදුකල යුතුය.උදාහරණයකට පිටු  1-5ත් අතර පිඩිඑෆ් ලිපි ලිපියක් සහ දෙවනි  පිඩිඑෆ් ලිපි ලිපිය පිටු 6-10ත් සහිත වීම.

පිඩිඑෆ් ලිපි එකතු කිරීම සහ පිලිවෙලට සකස් කිරීම

පිඩිඑෆ් ලිපි කිහිපයක පිටු එකතු කිරීම සදහා වින්ඩෝස් වලට හොදම නොමිලේ ලැබෙන ටුලය වන්නේ පිඩිඑෆ්සම්ය.එය විවෘත මෘදුකාංග ගණයට
අයත්ය.අවාසනාවකට එය ඔබගේ පරිගණකයට ජාවා ස්ථාපනය කර තිබීම මත රදා පවතියි.ඔබට මේ මගින් පිඩිඑෆ් ලිපි කොටස් කිරීම අවශ්‍ය
වන්නේ නම් ජාවා බ්‍රව්සරයේ ප්ලගින් අක්‍රිය කල යුතු හෝ සම්පුර්ණයෙන්ම ඉවත් කල යුතුය.ඔබ පිඩිඑෆ්සම් ස්ථාපනය කරනවිට අනවශ්‍ය
කරදරකාරී දෑ ස්ථාපනය නොකෙරුණත් ජාවා විසින් එය සිදුකරයි.  මෙම ටුලය ස්ථාපනය කිරිමෙන් පසු  මර්ජ්/එක්ස්ට්‍රැක්ට් ප්ලගින්
එක සිලෙක්ට් කර පිඩිඑෆ් ලිපි එකතු කර ගන්න.ඒවා තනි පිඩිඑෆ් ලිපි ගොනුවක් ලෙස සකස් කිරීම සදහා පහලින්ම ඇති විකල්ප වෙනුවෙන්
ඇති ඔප්ෂන් මගින් සිදුකල හැක.


මෙම ටුලය මගින් පිඩිඑෆ් ලිපි මත පිටු පිලිවෙලට සකස් කිරීම සහ වෙනස් අනුපිලිවෙලක් ඇති කල හැකි අතර එමගින් ස්කෑන් කිරීම පිලිවෙලකට
සිදුකල හැකිය.පිඩිඑෆ්සම් වලම පිඩිඑෆ් ලිපි කොටස් කිරීම සදහා ප්ලගිනයක් එහිම අන්තර්ගත වේ.

පිඩිඑෆ් ලිපි ලිපිගොනු අත්සන් කිරීම සහ සලකුණු කිරිම

ඇඩෝබ්හි පිඩිඑෆ් ලිපි කියවීමේ ඇප් එක -  මුලදි ඇඩොබ් රීඩර්ද පසුව දැන් ඇඩෝබ් ඇක්රෝබැට් රීඩර් ඩීසි - සලකුණු කිරිමේ සංඝටක සහිතයි.
මේ මගින් ඔබට පිඩිඑෆ් ලිපි මත ඔබේ පරිගණකයෙන්ම අත්සන් කිරීම සහ වචන සහ චිත්‍ර ඇතුලත් කර අදහස් එකතු කිරිමද සිදුකල හැකිය.
මෙය විශේෂයෙන්ම ඔබේ පරිගණකයෙන්ම ලිපිගොනු සම්පුර්ණ කිරීම සදහා ප්‍රයෝජනවත් වේ.මෙයින් ඔබට පෝරමය පුරවා ප්‍රින්ට් කිරිම,අත්සන්
කිරීම සහ ස්කෑන් නොකරම අත්සනද යොදා නැවත ලබාගත හැකිවේ.

මෙම පහසුකම් භාවිතා කිරීම සදහා පිඩිඑෆ් ලිපි ලිපිය ඇඩොබ් ඇක්රෝබැට් රීඩර් ඩිසි මගින් විවෘත කර දකුණු පස පැති තිරුවේ ඇති
“අදහස්(කමෙන්ට්)” හෝ  “පිරවීම සහ අත්සන්  කිරීම සදහා ෆිල් ඇන්ඩ් සයින් ක්ලික් කරන්න.අදහස් එකතු කරන “කමෙන්ට්”
ටුලය මගින් පිඩිඑෆ් ලිපි මත වදන් සහ චිත්‍ර එකතු කර සලකුණු කිරිම සිදුකල හැකිය.පිරවීම සහ අත්සන්  කිරීම සදහා ඇති “ෆිල් ඇන්ඩ් සයින්”
ටුලය මගින් ලිපියේ ඕනෑම තැනක අත්සන යෙදීම සිදු කල හැක.මෙම විශේෂ සංඝටක නොමිලේ ලැබෙන අතර බොහෝ ඇඩෝබ් ඇක්රෝබැට්

රීඩර් ඩිසි උසස් පහසුකම් සදහා ගෙවීමක් අවශ්‍ය වේ.

ඔබට මේ සදහා ගෙවීම් කල මෘදුකාංග අවශ්‍ය නොවේ.ඔබට ඇඩොබ් ඇක්රෝබැට් බලපත්‍රය තිබේ නම් ඔබට මේ සියල්ලම සිදුකල හැකිය.ඔබගේ
කාර්යාලයේදී ඔබට ඇක්රෝබැට් ලබා දුන්නත් ඔබට ගෙදරදී භාවිතා කිරීම සදහා එයට ඇ.ඩෝ. 400ක් ගෙවීමට ඔබ උත්සහා නොකරනු ඇත.පිඩිඑෆ්
ලිපි සංස්කරණය සදහා ඉහත මුලික ටුල භාවිතා කල හැකි නමුත් වෙබ්-ආශ්‍රිත පිඩිඑෆ් ලිපි සංස්කාරක භාවිතා කිරීමෙන් වලකින්න.එසේම වැදගත්ම දේ
වන්නේ සංවේදි ලිපිගොනු උඩුගත(upload) කිරීමෙන් වැලකීමයි.

Post a Comment

 
Top